පිලිපීන ජනාධිපතිගෙන් චීනයට දිගටම අනතුරු

පිලිපීනය අයිතිවාසිකම් කියන දකුණු චීන මුහුදේ පිහිටි දූපත් සමූහය අත්පත් කර ගැනීමට චීනය උත්සාහ ගන්නවා යැයි චෝදනා කරන පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස්, චීනයට දිගින් දිගටම අනතුරු අඟවමින් පවසා ඇත්තේ, චීන වෙරළාරක්ෂක යාත්රා සහ ධීවර යාත්රා ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කිරීමට තම හමුදාව සූදානමින් සිටින බවය.
මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ පග් ආසා නමැති කුඩා දූපත් සමූහය මුල්කොට ගනිමිනි. පසුගිය දා චීනයේ වෙරළාරක්ෂක සහ ධීවර යාත්රා මෙම දූපතට පැමිණ ඇත. මෙම දූපතේ පිලිපීන හමුදා මුරපොළක් පිහිටා ඇති බව ද පැවැසෙයි.
‘මම දන්නවා චීනය එක්ක පිලිපීනයට හැප්පෙන්න බැහැ. ඒත් චීනය අපේ දූපත් අල්ලා ගන්න උත්සාහ ගන්නවා නම්, මගේ අණ පරිදි පිලිපීන හමුදාව චීන යාත්රා ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කරාවි’ යැයි පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් අවධාරණය කර ඇත.
මැනිලාහිදීය (ඒ.එෆ්.පී.)

