පිලිපීන ජනපති චීනයේ

පිලිපීන ජනාධිපති රොද්රිගෝ ඩුටරේට්ස් නිල සංචාරයක් සඳහා චීනයට පැමිණියේය. ජනපති ඩුටරේට්ස් උණුසුම් අයුරින් පිළිගැනීමට චීන ජනාධිපති ෂී ජින්පින් කටයුතු කළේය.
චීනයත් පිලිපීනයත් අතර අර්බුදයක් පවතී. ඒ, දෙරට දකුණු චීන මුහුදේ කුඩා දූපත් සමූහයකට අයිතිවාසිකම් කීමය. පවතින මෙම අර්බුදය සමතයකට පත් කර ගැනීමේ අරමුණින්, ජනපතිවරුන් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්විණි.
බීජීංහිදීය (රොයිටර්ස්)

