පිලිපීනයට භූමි කම්පා දෙකක්
පිලිපීනයේ බටානේස් පළාතට බලපෑ ප්රබල භූමි කම්පා දෙකකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 60 කි.
භූමි කම්පා දෙකහි ප්රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5.4 ක් සහ 5.9 ක් ලෙස සටහන් විය. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ ද පසුව ඒවා ඉවත් කර ගැණුනු බව වාර්තා වේ.
නිවාස සහ ගොඩනැගිලි රැසකට භූමි කම්පා හේතුවෙන් හානි සිදුවී ඇතැයි ද පැවැසෙයි.
පිලිපීනය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළින්ය. එහෙයින්, භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය.
(රොයිටර්ස්)

