පියා සහ දරුවන් දෙදෙනා ගිලී මියයයි



කිංග් කිලීඩා අධිවේගි මාර්ගය ආසන්නයේ පිහිටා ඇති ඇල මාර්ගයකට කාරයක් වැටීම නිසා පියා, පිරිමි දරුවකු සහ ගැහැණු දරුවකු ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් සෞදි අරාබියේ රියාද් නුවරින් වාර්තා වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

මෙම දරුවන් දෙදෙනා වයස අවුරුදු 9 (ගැහැණු දරුවා)සහ 12 (පිරිමි දරුවා) වයසේ පසුවූ දරුවන් දෙදෙනෙකි. 

අධික වේගයෙන් කාරය ධාවනය කිරීම නිසා රථය පාලනය කිරීමට නොහැකිවීමෙන් අධිවේගි මාර්ගය අසල පිහිටි ඇල මාර්ගයට වැටී ඇති බව වාර්තා වේ. 

මහජන ආරක්ෂක ඒකකයේ නිළධාරීන් වහාම අනතුර සිදුවූ ස්ථානයට පැමිණ කිමිදුම්කරුවන් යොදවා පියාගේ සහ දරුවන් දෙදෙනාගේ සිරුරු ගොඩට ගෙන ඇති අතර ගොඩගත් අවස්ථාවේදි පිරිමි දරුවාගේ තත්වය බරපතල බැවින් කිංග් කලීඩා විශ්ව විද්‍යාල රෝහලට ඇතුලත් කර ඇත. 

මෙම දරුවාගේ ජීවිතය බේරාගැනීම සදහා වෛද්‍යවරුන් විශෘල පරිශ්‍රමයක් දරා ඇති අතර සියළුම උත්සහයන් නිෂ්ඵල කරමින් පිරිමි දරුවාද මියගොස් ඇත.  

පැය කීපයකට පසු, තවත් මෙවැනිම අනතුරකින් මෙම ඇල මාර්ගයටම වැටුණු කාරයක සිටි රියදුරෙකු බේරාගැනීමට මහජන ආරක්ෂක අංශයේ නිළධාරීන් සමත්ව ඇති අතර අනතුරින් ඔහු තුවාල ලබා ඇත. 

තුවාල ඇතිවීම හේතුවෙන් මහජන ආරක්ෂක ඒකකයේ නිළධාරීන් එම රියදුරා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර බව රියාද් මහජන ආරක්ෂක අංශයේ ප්‍රකාශක මේජර් මොහොමඩ් අල්-හම්මාඩි ප්‍රකාශ කල බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

 


RECOMMEND POSTS