පැරිසියේ විරෝධතා

ඉන්ධන තීරුබදු සම්බන්ධයෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වුණු විරෝධතා ප්‍රචණ්ඩකාරී විය.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. 25 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. පොලිසිය පැවැසුවේ විරෝධතා සඳහා අට දහසකට ආසන්න පිරිසක් එක්වී සිටි බවය.
ඉන්ධන තීරු බදු සම්බන්ධයෙන්, පැවැත්වෙන මෙම විරෝධතා හැඳින්වෙන්නේ ‘යෙලෝ වෙස්ට්’ විරෝධතා කියාය. තමන් විරෝධය පළ කරනවා යැයි පෙන්වන්නේ කහ පැහැති බැනියමකින් සැරැසී සිටිමිනි.
විරෝධතා පැවැත්වූයේ ෂොම්ස් දෙ ලීසේ ස්මාරකය ඉදිරිපිටය. විරෝධතා හේතුවෙන් පැරිස් නුවර දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ විය. පොලිස් ප්‍රහාර හමුවේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් දේපොල හානි සිදු කරන්න විය.
ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් සම්බන්ධයෙන් තමා පමණක් නොව මුළුමහත් ප්රංශයම ලැජ්ජාවට පත්වන බවත්, ප්‍රංශ ජනරජයේ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැති බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
(ඒ.එෆ්.පී.)

