පැරිස් නුවර යකා නටයි



ප්‍රංශයේ පැරිස් නුවර වැසියන් ඉලක්ක කර ගනිමින්, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත හිතවාදියකු යැයි කියා ගත් පුද්ගලයකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලැබූ ගණන 4 කි.

පිහි ප්‍රහාරය සිදුවූයේ මධ්‍යම පැරිස් නුවර ඔපෙරා දිස්ත්‍රික්කයේය. පැරිස් පොලිසිය වහා ක්‍රියාත්මක වී පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා වෙඩි තබා මරා දැමූ බව පැවැසෙයි. සිද්ධිය ගැන මේ වනවිටත් පරීක්ෂණ පැවැත්වෙයි.

පිහි ප්‍රහාරය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. ප්‍රහාරයේ වගකීම අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය විසින් බාර ගනු ලැබ ඇත.

අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ආරම්භය සිදුවූයේ ඉරාකයෙනි. පසුව ඔවුන් සිරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු විය. අද ඉරාකයේත් සිරියාවේත් අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ වී ඇති නමුත්, ඔවුන්ගේ හිතවාදීන් ප්‍රංශය වැනි යුරෝපා රටවල ක්‍රියාත්මක වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS