පැරණි ලෙන් සිතුවමක් ඉන්දුනීසියාවෙන්



වසර 51,200 ක් පැරණි, ලෙන් සිතුවමක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පුරාවිද්‍යාඥ කණ්ඩායමකට මෙම සිතුවම හමුවී ඇත්තේ ඉන්දුනීසියාවට අයත් දකුණු සුලවේසී දූපතේ පෙංග්කෙප් නමැති පළාතේ වනාන්තරයේ පිහිටි හුණුගල් ලෙනකිනි. මෙම ලෙන හැඳින්වෙන්නේ ‘ලියං කරම්පුඅං’ යන නමිනි.

ලෙන් සිතුවමේ වයස තීරණය කිරීම සිදුවූයේ එය පරීක්ෂණවලට ලක් කරමිනි. කාලයාගේ ඇවෑමෙන් අපැහැදිලිවී ඇති මෙම සිතුවමේ මිනිස් රුයක් සහ වල් ඌරකුගේ රියද් දකින්න ලැබේ.

මීට පෙර ද වසර දහස් ගණනක් පැරණි ලෙන් සිතුවම් කීපයක්ම ඉන්දුනීසියාවේ වනාන්තරවලින් සොයා ගෙන ඇත. කෙසේ නමුත් පුරාවිද්‍යාඥයන් පවසන්නේ, ඔවුන්ට හමුවුණු පැරණිතම ලෙන් සිතුවම මෙය බවය.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS