පැනමාවේ හිටපු ජනපති චෝදනාවලින් නිදහස්



පැනමාවේ හිටපු ජනාධිපති රාකිඩො මාටිනෙල්ලි ඔහුට එල්ල වූ දූෂණ චෝදනා සහ රහසේ ඔත්තු බැලුවේ යැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිදහස ලැබුවේය.

හිටපු ජනාධිපති මාටිනෙල්ලිට මහජන මුදල් භාවිතයට ගනිමින්, ප්‍රතිවාදී දේශපාලනඥයන් ගැන ඔත්තු බැලීමට ඔවුන්ගේ කාර්යාල සහ නිවෙස්වල මයික්‍රෝෆෝන සහ කැමරා හොරෙන් සවි කළේ යැයි චෝදනා එල්ල වී තිබුණි.

රාකිඩො මාටිනෙල්ලි පැනමාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 2009 වසරේ සිට 2014 දක්වා කාලයේය. ඇමෙරිකාවට ගොස් සිටි මාටිනෙල්ලි, ඔහුට එරෙහිව පැවැති නඩු විභාගය හේතුවෙන්, ඇමෙරිකාවෙන් පැනමාවට උදර්පණය කෙරුණි.

සියලු චෝදනාවලින් නිදොස්ව පැනමා අධිකරණයෙන් පිටතට පැමිණි හිටපු ජනාධිපති රාකිඩො මාටිනෙල්ලි පිළිගැනීමට ඔහුගේ ආධාරකරුවන් දහසකට ආසන්න පිරිසක් අධිකරණය ඉදිරිපිටට රැස්ව සිටි බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS