පාසල් පොත් දස දහසක් බෙදලා



රියාද් නුවර අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන්ට මේ වනවිට පාසල් පොත් දහස් ගණනක් බෙදා හැර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

පාසල් පොත් බෙදා හැරීම පසුගිය මාසයේදී ආරම්භ කළ බවත්, විශේෂ අධ්‍යාපන විද්‍යාල සඳහාද පොත් බෙදා දීම අරඹන බවද රියාද්හි අධ්‍යාපන අධ්‍යක්ෂක මොහමඩ් අල් මොර්ෂෙඩ් පැවසීය.

මීට අමතරව පාසල් විෂය මාලාව පිළිබඳතොරතුරු දැන ගැනීම සඳහාත්, සන්නිවේදන පහසුකම් සැපයීම සඳහාත් අධ්‍යාපන කමිටුව සමාජ මාධ්‍ය ඒකකයක් නිර්මාණය කර ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.


RECOMMEND POSTS