පාසල් ඇරැඹුණා පමණයි 177 කට කොරෝනා



කොරෝනා වයිරස වසංගතය මැද, යළි පාසල් විවෘත කිරීමට ඇමෙරිතානු පරජය ආරම්භ කිරීමත් සමඟ චැපෙල් හිල් හි උතුරු කැරොලිනියා උසස් පාසලෙන් කොරෝනා ආසාදිත සිසුන් 177 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

ආසාදිත සිසුන් සමීප අයුරින් ඇසුරු කළ තවත් සිසුන් සහ ගුරුවරුන් 349 දෙනකු නිරෝධායනයේ පසුවන බවත් පැවැසෙයි. ආසාදිතයන් හමුවෙද්දී, උතුරු කැරොලිනියා උසස් පාසල වසා දැමීමට පියවර ගත් බවත් සිසුන්ට යළිත් වරක් ‘ඔන්ලයින්’ ක්‍රමයට අන්තර් ජාල හරහා අධ්‍යාපනය ලබා දෙන බවත් වාර්තා වේ.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.  ඊයේ (18) වනවිට ඇමෙරිකාවේ ආසාදිතයන් ගණන 5,612,027 ක් ලෙස වාර්තා විය. මරණ ගණන 173,716 තෙක් ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකාවේ පාසල් වසා දැමුණේ එරට කොරෝනා උත්සන්න වූ අවස්ථාවේය. ඉන්පසු යළි පාසල් විවෘත කිරීම සිදුවූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදිය. බොහෝ මාපියන්ගෙන් ඊට විරෝධය එල්ල වුවත්, ජනපති ට්‍රම්ප් පැහැදිලි කළේ කොරෝනා වයිරසය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මඟ හැරීම නොකළ යුතු බවය. පාසල් සහ විශ්ව විද්‍යාල යළි ආරම්භ වූයේ අදියර යටතේය.

කැපිටල්හිල් (රොයිටර්)


RECOMMEND POSTS