පාප්තුමා බෑ කියයි
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්තුමන් හමුවීමට ඇමෙරිකන් රාජ්ය ලේකම් මයික් පොම්පේඕ කළ ඉල්ලීමක්, වතිකානය විසින් ප්රතික්ෂේප කරනු ලැබ ඇතැයි වතිකන් පුවත් සේවා වාර්තා කරයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන අතර, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඊට ඉදිරිපත් වෙයි. ඒ, සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙනි.
ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් හෝ පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී පාප්තුමන් දේශපාලනඥයන් හමු නොවන බවත්, එය උන්වහන්සේගේ ප්රතිපත්තියක් බවත් වතිකානය ඇමෙරිකන් රාජ්ය ලේකම් මයික් පොම්පේඕ ට දන්වා යවා ඇත.
කෛස් නමුත් මේ වනවිටත් චීනය සහ කතෝලික පල්ලිය සම්බන්ධයෙන් පොම්පේඕ කළ ප්රකාශයක් ආන්දෝලනයට තුඩු දී තිබේ. බිෂොප්වරුන් තෝරා ගැනීමේ දී, චීනය සමඟ එකඟතාවක් ඇති කර ගැනීමෙන්, කතෝලික පල්ලිය සිය සදාචාරාත්මක අධිකාරී බලය අවදානමකට ලක් කළේ යැයි යන්න පොම්පේඕ කළ එම ප්රකාශයයි.
වතිකානයේදීය (රොයිටර්)

