පාප්තුමාට කොරෝනා නෑ



සෙම්ප‍්‍රතිශ්‍යා රෝගී තත්ත්වයකින් පෙළෙන ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත් එතුමන්ට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණු බවත් වතිකානය පවසා තිබේ.

සෙම්ප‍්‍රතිශ්‍යා රෝගී තත්ත්වය හේතුවෙන් පසුගිය දින කිහිපයේ පාප්තුමන් ප‍්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර දේවමෙහෙය සඳහා සහභාගී වූයේ ද නැත.
දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ ඉතාලියෙනි. එම සංඛ්‍යාව 2,036 කි. ඉතාලියෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 52 කි. වයිරසය ආසාදනය වූ 149 දෙනකු සම්පූර්ණයෙන් සුවය ලබා ඇතැයි ද වාර්තා වේ.

මේවනවිට ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත මරණ 6 ක් වාර්තා විය. ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් 106 දෙනකු සිටින බව වාර්තා වේ. කොරෝනා ආසාදිතයන් 7 දෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇතැයි ද පැවැසෙයි.

ඉතාලියේ නන්දෙසින් වතිකානයට බැතිමතුන් පැමිණෙන අතර, ඔවුන් පාප්තුමන් අසලට පැමිණ ආශිර්වාදය ලබා ගනී. එහෙයින් වතිකානයේ වයිරසය පැතිරීමට වැඩි ඉඩක් පවතින බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. එහෙයින්, පාප්තුමන් අසනීප වූ අවස්ථාවේ එතුමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැකයක් පැවැතිණි.

වතිකානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS