පාප්තුමන්ට කොරෝනා ?



ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එක්තරා වෙබ් අඩවියක පුවතක් පළ වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හට ගත්තේය.

mcmnt.com  වෙබ් අඩවිය වාර්තා කළේ පාප්තුමන් ඇතුළු ඔහුගේ සමීපතමයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව වතිකානය තහවුරු කළ බවය.

කෙසේ නමුත් මෙම පුවත් වෙනත් කිසිදු ප්‍රධාන පුවත් වෙබ් අඩවියක හෝ පුවත් නාළිකාවක හෝ වී තිබුණේ නැත.

mcmnt.com වෙබ් අඩවිය පසුව එම පුවත ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනු දකින්න ලැබුණි.

(විදෙස් පුවත්)


RECOMMEND POSTS