පාප්තුමත් පළමු වරට මුහුණු ආවරණ පලඳියි



රෝමයේ ශාන්ත මරියා බැසිලිකාවේ පැවැත්වූ දේවමහෙයට ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප්තුමන් සහභාගී වූ අතර, එතුමන් පළමු වරට මුහුණු ආවරණයක් පැලඳ සිටිනු දකින්න ලැබුණි.

 

මේ වනවිට වතිකානයෙන් ද කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වී ඇත. බැතිමතුන් හමුවට යෑමේදී මුහුණු ආවරණ පැල‍ඳීමට පාප්තුමන් තීරණය කර ඇත්තේ සෞඛ්‍ය උපදෙස් සැලකිල්ලට ගනිමින් යැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ශාන්ත මරියා බැසිලිකාවේ පැවැත්වූයේ විශේෂ දේව මෙහෙයකි. ඒ, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයෙන් ලෝකවාසීන් ආරක්ෂා කරන මෙන් ඉල්ලමිනි.

83 හැවිරිදි පාප්තුමන් මීට පෙර, දේව මෙහයට සහභාගී වෙද්දී මුහුණු ආවරණ පැලඳ සිටියේ නැති අතර, වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එතුමන් බැතිමතුන් හමුවීම ද අවම කර ඇතැයි වතිකානයෙන් වාර්තා වෙයි. පාප්තුමන් මුහුණු ආවරණ නොපැලඳීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතාබහක් ද ඇති වී තිබුණි.

වතිකානයේදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS