පාකිස්තාන මැතිවරණය කල් දැමීමට යෝජනාවක්



එළැඹෙන පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණය කල් යෑමට ඉඩ ඇතැයි එරට මාධ්‍ය පවසයි‍.

පාකිස්තානයේ මේ වනවිට පවතින්නේ භාරකාර රජයකි. ඒ, මැතිවරණය පැවැත්වීමට ඉඩ සලසා දීමක් ලෙසය. භාරකාර අග්‍රාමාත්‍යවරයා ද අවස්ථා කිහිපයකදීම අවධාරණය කර තිබුණේ නියමිත දිනට මැතිවරණය පැවැත්වෙන බවය.

එසේ වුවත්, නවතම මාධ්‍ය වාර්තා අනුව, මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට පාකිස්තාන සෙනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි පැවසෙයි.

පාකිස්තානයේ ඇතැම් පළාත්වල ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු සහ අයහපත් කාලගුණය ආදී ගැටලු හේතුවෙන්, ජනතාවට ඡන්ද මධ්‍යස්ථාන වෙත ළඟාවීම අපහසුවීම හේතුවෙන්, මැතිවරණය කල් දැමීමට එම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි ද වාර්තා වේ.


RECOMMEND POSTS