පාකිස්තාන දේශපාලනය අවුල් ජාලයක්



පාකිස්තාන දේශපාලනය අවුල් ජාලයක් වී ඇතැයි, එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන පාකිස්තාන ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය දිගින් දිගටම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල කරයි.

අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය දිගින් දිගටම ජනතා අප්‍රසාදයට ලක් වන බව ද විපක්ෂ නායකවරයා මෙන්ම ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂ නායකයා ද වන ෂබාස් ෂරීෆ් චෝදනා කරයි. පාකිස්තාන ‘මුස්ලිම් ලීගය එන්’ දේශපාලන පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ය. ෂබාස් ෂරීෆ් යනු නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය.

අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විපක්ෂ විරෝධතා උත්සන්න වෙමින් පවතී. ඒ, පසුගිය දා පාකිස්තාන හමුදාවට අයත් අතිරේක බලඇණියක් එරට සින්ද් පළාතේ පොලිස්පති මුෂ්ටාක් අහ්මද් පැහැර ගැනීමේ සිදුවීමත් සමඟය. පොලිස්පතිවරයා පැහැරගෙන ගිය කණ්ඩායම, ඔහුට බල කර ඇත්තේ විපක්ෂ දේශපාලන පක්ෂයක් වන පාකිස්තාන මුස්ලිම් ලීගයේ නායක සෆ්දාර් අවාම් සහ මුස්තාෆා නවාස් අත්අඩංගුවට ගන්නා ලෙසටය. මුස්තාෆා නවාස් යනු ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් භූතෝගේ මාධ්‍ය ලේකම්වරයාය. සින්ද් පළාතේ බලය ඇත්තේ පාකිස්තාන මුස්ලිම් ලීගය සතුවය.

පැහැර ගැනීමේ සිදුවීමේ සුලමුල අනාවරණය වෙද්දී, පාකිස්තාන හමුදාපති කමාර් ජාවෙද් ට ද චෝදනා එල්ල වීම සිදුවිය. එම අවස්ථාවේදී හමුදාපතිවරයා සිද්ධිය ගැන විමර්ශනයක් ආරම්භ කිරීමට අණ කර ඇතැයි ද පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ.

කරච්චිහිදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS