පාකිස්තාන-චීන මිතුදම් පළුදු වෙන්න දෙන්නේ නෑ



චීනය සමඟ ද්වී පාර්ශ්වීය සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අවධාරණය කර තිබේ.

තමන් මෙම තීරණය ගත්තේ පාකිස්තානයේ මිලියන 200 ක ජනතාව වෙනුවෙන් සහ රටේ යහපත වෙනුවෙන් යැයි ද අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පැහැදිලි කර තිබේ. පාකිස්තානයට මුල්තැන දෙමින් චීනය සමඟ ගනුදෙනු කරන බවත් නව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

'ජාත්‍යන්තර වශයෙන් පාකිස්තානය ගැටලුවලට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම චීනය හොඳ ශක්තිමත් මිතුරකු ලෙස කටයුතු කළා. ඒ මිත්‍රත්වය කිසිදු ආකාරයකට පළුඳු වෙන්න මා ඉඩ දෙන්නේ නැහැ' යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් වැඩි දුරටත් පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS