පාකිස්තාන ගුවන් හමුදා යානයක් කඩා වැටේ

පුහුණු සැසියකට සම්බන්ධ වී සිටිද්දී, පාකිස්තාන ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටී ඇති බවත්, එහි සිටි 17 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ.
යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනකු සහ සිවිල් වැසියන් 12 දෙනකු සිට ඇත. යානය ගිනි ගෙන හදිසියේ කඩා වැටුණේ රාවුල්පිණ්ඩි නුවරට ආසන්නයේ ස්ථානයකටය.
යානය කඩා වැටුණේ කෙසේදැයි සොයා බැලීමේ පරීක්ෂණ කටයුතු මේ වනවිට පැවැත්වෙන බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

