පාකිස්තාන ගගනගාමියෙක් උඩු ගුවනට යන්න සූදානම්

පාකිස්තාන ගගනගාමියකු පෘථිවි කක්ෂයේ ඉදිවෙමින් පවතින, චීන අභ්‍යවකාශ නැවතුම්පොළ බලා යෑමට සූදානමින් සිටින බව පාකිස්තාන රජය පවසයි.
පාකිස්තාන රජය වෙනුවෙන් මේ බව පැවැසුවේ එරට සැලසුම් සහ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය අෂාන් ඉක්බාල්ය. සැලසුම් සහ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඉස්ලාමාබාද් අගනුවරදී, පාකිස්තානය එළිදක්වන අධිවේගී අන්තර්ජාල පහසුකම් සපයන වාණිජමය චන්ද්‍රිකාවක් එළිදැක්වීමේ විශේෂ උත්සවයකට සහභාගී වෙමිනි.
ඒ අනුව, පාකිස්තාන ගගනගාමියා චීන අභ්‍යවකාශ නැවතුම්පොළට යනු ඇත්තේ, ලබන 2026 වසරේදීය. ඒ, චීන අභ්‍යවකාශ ඒජන්සියේ සහාය ඇතිවය. ඇමෙරිකාව සමඟ පවතින අර්බුද හේතුවෙන්, චීනය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ සමඟ කිසිදු ආකාරයකින් සම්බන්ධ වන්නේ නැත. චීනය ඔවුන්ගේම කියා වෙනම අභ්‍යවකාශ නැවතුම්පොළක් ඉදි කරන්නේ ඒ නිසාය.
චීනය ඔවුන්ටම කියා වෙනම අභ්‍යවකාශ නැවතුම්පොළක් පෘථිවි කක්ෂයේ ඉදිකරමින් සිටී. මෙය හැඳින්වෙන්නේ ‘ටියැංගෙං’ යන නමිනි. අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි වන්නේ කොටසින් කොටස අභ්‍යවකාශයට ගෙන ගොස් එකලැස් කරමිණි.
ඇමෙරිකාව සමඟ පවතින අර්බුද හේතුවෙන්, චීනය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ සමඟ කිසිදු ආකාරයකින් සම්බන්ධ වන්නේ නැත. චීනය ඔවුන්ගේම කියා වෙනම අභ්‍යවකාශ නැවතුම්පොළක් ඉදි කරන්නේ ඒ නිසාය.
මේ වනවිට, චීන අභ්‍යවකාශ ඒජන්සිය යටතේ, පාකිස්තාන ගගනගාමීන් දෙදෙනකු පුහුණුව ලබමින් සිටින බව පැවැසෙයි. ඒ අනුව කෙටි කාලයක් සඳහා අභ්‍යවකාශයට යනු ඇත්තේ එම දෙදෙනාගෙන් කෙනෙකි.
පාකිස්තාන ගගනගාමීන්, චීන අභ්‍යවකාශ ඒජන්සිය සමඟ එක් වී සිටින්නේ චීනය සහ පාකිස්තාන අතරේ ඇතිකරගත් ගිවිසුමකට අනුවය. පාකිස්තානය අභ්‍යවකාශ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, ඊට චීනයේ සහාය ලබා ගනී.
‘ටියැංජියැන්’ අභ්‍යවකාශ නැවතුම්පොළට යන පළමු විදෙස් ගගනගාමියා වනු ඇත්තේ ද මෙම පාකිස්තාන ගගනගාමියාය.

