පාකිස්තානය හුදෙකලා කරන්න ඉන්දියාව සැරැසෙයි
ඉන්දු කාශ්මීරයේ පුල්වාමා පළාතේ ඉන්දීය සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, පාකිස්තානය සමඟ සියලු සබඳතා නවත්වා, පාකිස්තානය හුදෙකලා කිරීමට ඉන්දියාව සූදානම් වෙයි.
පුල්වාමා ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළුන් 46 ක් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාරය එල්ල කළේ ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලියයි. මෙම ත්‍රස්ත කල්ලියට පාකිස්තාන රජයේ අනුග්‍රහය හිමිවෙයි. ඉන්දියාව පමණක් නොව, ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලිය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇත.
ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පාකිස්තානයේ ඔවුන්ගේ මහ කොමසාරිස්වරයා ගෙන්වා ගැනීම කළ අතර, පාකිස්තානය ද ඉන්දියාවේ නවදිල්ලියේ සිටි ඔවුන්ගේ මහ කොමසාරිස්වරයා ආපසු ගෙන්වා ගත්තේය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිතරයේ පවසා ඇත්තේ ප්‍රහාරය එල්ල කළ ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලියට කිසිදු සමාවක් ලබා නොදෙන බවය.
බොලිවුඞ් නළු නිළියන්, නිෂ්පාදකවරුන් සහ අධ්යක්ෂවරුන් ද ප්‍රහාරයට විරෝධය පළ කරමින් පවසා ඇත්තේ බොලිවුඞ් චිත්‍රපට පාකිස්තානයේ ප්‍රදර්ශනය නැවැත්විය යුතු බවය.
1999 වසරේ දෙසැම්බර් 24 වැනිදා ඉන්දීය ගුවන් යානයක් පාකිස්තාන ඉස්ලාමීය ත්රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබුණි. යානය ඇෆ්ගනිස්තානයට ගෙන යන ලද අතර, යානයේ සිටි පිරිස් මුදා හැරීමට නම්, ඉන්දීය අත්අඩංගුවේ සිටින ත්රස්තවාදීන් කිහිප දෙනකු නිදහස් කරන්නැයි යානය පැහැරගත් හර්කාත් උල් මුජහදීන් ත්රස්තයෝ බල කළහ. එදා හර්කාත් උල් මුජහදීන් ත්රස්තවාදීන්ට පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශයේ ද සහාය හිමිවුණු බව තහවුරු වී ඇත.
ඉන්දීය රජය මුෂ්ටාක් අහ්මද් සර්ගාර්, අහ්මද් ඕමාර් සඊඞ් ෂෙයික් සහ මුල්ලානා මසූද් අසාර් නමැති ත්‍රස්තාවාදීන් තිදෙනා නිදහස් කළේය. පුල්වාමා ප්‍රහාරය සිදු කළ ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලිය පිහිටුවූයේ මසූද් අසාර්ය. ඒ, 1999 වසරේදීය.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

