පාකිස්තානය ගස් බිලියනයක් සිටුවයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් රැකියා අහිමිවුණු ඉදිකිරීම් සේවකයන් රුක් රෝපණ ව්‍යාපෘතියකට සම්බන්ධ කර ගැනීමට පාකිස්තාන රජය තීරණය කර ඇත.

කාලගුණ විපර්යාස අවම කර ගැනීම සහ ඉහළ යන ගෝලීය උෂ්ණත්වයට පිලියමක් ලෙස මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් 2018 දී ක්‍රියාවට නංවනු ලැබූවකි. පාකිස්තානය පුරා බිලියනයක් ගස් සිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර, ‘ගස් බිලියනයක සුනාමිය’ යනුවෙන් එය නම් කර තිබේ.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීමට පාකිස්තානය ලොක්ඩවුන් කෙරුණේ පසුගිය මාර්තු 23 වැනිදාය. ‘කොවිඞ් 19’ නිසා රැකියා අහිමිවී නිවෙස්වලට කොටුවුණු ඉදිකිරීම් සේවකයන් පළාත් මට්ටමින් ව්‍යාපෘතියට සම්බන්ධ කර ගෙන ඇති අතර, දිනකට එක් සේවකයකුට පාකිස්තාන රුපියල් 500 ක මුදලක් හිමිවෙයි.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS