පාකිස්තානය උග්‍ර ජල අර්බුදයක



පාකිස්තානය උග්‍ර ජල අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

පාකිස්තානය මේ වනවිට ජල හිඟයකට මුහුණ දී සිටින අතර මේ තත්ත්වය හේතුවෙන් රට තුළ ‘ජල සොරකම්’ද වැඩි වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

ජලය සොරකම් කිරීමේ සිදුවීම් රැසක් පසුගිය කාලයේ දී වාර්තා වී තිබෙන අතර මේ හේතුවෙන් අර්බුදය උග්‍ර අතට හැරී ඇත.

මේ නිසා ඉකුත් දිනෙක පැවැති පැවැති ජල සම්පත් පිළිබඳ ජාතික සභාවේ, නිත්‍ය කමිටුවේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඉහළ මට්ටමේ කමිටුවක් ද පත් කර ඇත.

සින්ද් හි වාරිමාර්ග අමාත්‍ය ජම් ඛාන් ෂෝරෝ ඉහත කී රැස්වීමට සහභාගී වී තිබෙන අතර ප්‍රධාන විමර්ශන කණ්ඩායමට අමාත්‍යාංශයේ සහකාර ලේකම්, ඉන්දු ගංගා පද්ධති අධිකාරියේ සභාපති, ඉන්දු ගංගා පද්ධති අධිකාරිය, පන්ජාබයේ සහ බලුකිස්තානයේ සාමාජිකයින් මෙන්ම බලුකිස්තානයේ හා පන්ජාබයේ ජාතික සභාවේ සාමාජිකයන් ඇතුළත් කර ඇත.

(ඒ.එන්.අයි. ඇසුරිනි)


RECOMMEND POSTS