පාකිස්තානයේ දේශපාලන අර්බුදයක්



විශ්වාසභංග ඡන්ද විමසුමකට සුදානමින් සිටි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කළ ඉල්ලීම සලකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් දින 90 ක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වීමටත් පාකිස්තාන ජනාධිපති අරීෆ් අලී තීරණය කළේය.

ඒ අනුව, පාකිස්තානයේ දේශපාලන අර්බුදය තවත් උත්සන්න වනු ඇතැයි බිය පළ කෙරේ.

විපක්ෂය මැදිඑත් වී, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට හේතු වූයේ වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍යවරයා වගකිවයුතු බවට පෙන්වා දෙමිනි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංග ඡන්ද විමසුමට මුහුණ දීමට සූදානමින් සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය ද නොමැතිවය.

ඡන්ද විමසුම පැවැත්වූයේ නම්, ඔහු එයින් පරාජය වීමට ද ඉඩ තිබුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඡන්ද විමසුමක් පැවැත්වීම සිදු නොවුණේ විශ්වාසභංගය, ව්‍යවස්ථාවට පටහැනි බවත්, පාකිස්තානයේ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් බවත් පාර්ලිමේන්තු නියෝජ්‍ය කතා නායකවරයා පෙන්වා දෙමින් එය අවලංගු කළ බැවිනි.

(එන්.ඪී.ටීවී.)


RECOMMEND POSTS