ප්‍රසිද්ධියේම එන්නත ලබා ගන්නවා



ප්‍රසිද්ධියේ ‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීමට තමන් කැමැති යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (3) පැවැසීය.

ඇමෙරිකාවේ සී.එන්.එන්. රූපවාහිනි පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ඒ බව පැවැසීය.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ බිල් ක්ලින්ටන් ද මෙලෙස ප්‍රසිද්ධියේ ‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීමට මේ වනවිට කැමැත්ත පළ කර ඇත.

තමන් ඇමෙරිකානු ජනාධිපති ධුරයේ කටයුතු කරන පළමු දින 100 දී මුඛ ආවරණ පලඳින්නැයි ද තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.

ජනතාව තුළ ‘කොවිඩ්-19’ එන්නත පිළිබඳ විශ්වාසය වැඩි කිරීමේ අරමුණින් මෙලෙස ප්‍රසිද්ධියේ ‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීමට තමන් සූදානම් යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ බිල් ක්ලින්ටන් යන ඉකුත් දා ප්‍රකාශ කළහ.

‘ද ගාඩියන්’


RECOMMEND POSTS