ප්‍රබල භූමි කම්පාවකින් පිලිපීනය කැලඹේ



දකුණුදිග පිලිපීනය ප්‍රබල භූමි කම්පාවකින් කැලඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක් ලෙස සටහන් විය. භූමි කම්පාව හේතුවෙන් මරණ දෙකක් සිදුවුණු බව පිලිපීන පුවත් සේවා වාර්තා කළේය.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ මැනිලා අගනුවරට කිලෝ මීටර් 927 ක් දුරින්, කොටබාටෝ ප්‍රාන්තයේ ටුලුනාන් නගරයට නුදුරිනි. භූමි කම්පාවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුවිය.

භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු නමුත් පැය කීපයක් යද්දී එම අනතුරු ඇඟවීම් ඉවත් කළේ යැයි ද පැවැසිණි.

පිලිපීනයේ මීට සතියකට පෙර ද ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. එයින් පුද්ගලයෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 13 ක් යැයි පැවැසිණි.

ජකර්තාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS