ප්රධාන පක්ෂ අත්වැල් බැඳගනී

පාකිස්තාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් ප්රමුඛ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ජයග්රහණය කරමින් ආණ්ඩුවක් පිහිටුවීමට සැරැසෙද්දී, බලයේ සිට පරාජයට පත් වුණු හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ ඝාතනයට ලක්වුණු අගමැතිනී බෙනාසීර් බූතෝගේ පුතාගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන ජනතා පක්ෂය විපක්ෂ බලවේගය ලෙස සන්ධානගත වීමට සූදානම් වෙයි.
පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය 25 වැනිදාය. එයින් ආසන 116 ක් හිමිකර ගනිමින් ජයග්රහණය කළේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයයි. ඉහුතර බලය නොමැති හෙයින්, කුඩා පක්ෂ කිහිපයක් ද හවුල් කරගනිමින් රජයක් පිහිටුවීමට ඉම්රාස් සූදානමින් සිටී. ඒ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා පැවැත්වෙයි.
මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වූයේ බලයේ සිටි මුස්ලිම් ලීගය එන් පක්ෂයයි. තෙවැනි ස්ථානයට පත් වූයේ බෙනාසීර් බූතෝගේ පුතු බිල්ලවාල් බූතෝගේ ජනතා පක්ෂයයි.
මෙම පක්ෂ දෙකම තරයේ චෝදනා කරන්නේ මැතිවරණය දූෂිත එකක් කියාය. හොර ඡන්ද දැමීම් සිදුවුණැයි ඔවුන් චෝදනා කර තිබේ. කෙසේ නමුත් ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් අවසන් ප්රතිඵලය පිළිගන්නා බව ඔවුන් වැඩි දුරටත් පවසා ඇත.
කෙසේ නමුත්, මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ පාකිස්තාන ජනතා පක්ෂය එක් වී මෙසේ නව විපක්ෂ සන්ධානයක් පිහිටුවා ගැනීමට තීරණය කළේ ද දූෂිත මැතිවරණයකින් බලයට පත් වුණු ඉම්රාන් සහ ඔහු පිහිටුවන නව රජයට අභියෝගයක් වීමට යැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

