ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවා

නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය, විශ්වාසනීය ශක්තිමත් ආයතනයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව එහි ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්නොම්ස් ගෙබ්‍රියේසිස් පවසා ඇත.
“මේ සංවිධානය ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවක් මේ සංවිධාන ශක්තිමත් කිරීම සඳහා ගන්නා ඕනෑම පියවරක් ක්‍රියාමාර්ගයක් අප විවෘතව සහ සාදරයෙන් පිළිගන්නවා. අප ඒ දේ කරන්නේ අපි වෙනුවෙන් නෙමයි. අප ඒ දේවල් කරන්නේ අපි සේවය කරන ජනතාව වෙනුවෙන්” යැයි ජිනීවා නුවර පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක් වෙමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවැසුවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 නියෝජිතයන් සම්බන්ධ කර ගනිමින් පසුගිය දා විශේෂ සැසියක් පැවැත්වුණු බවත්, එහිදී ද තමන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ගෙබ්‍රියේසිස් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමාත්‍ය මණ්ඩල සැසිවාරය වාර්ෂිකව පැවැත්වෙන අතර, මෙවර සැසිවාරය පැවැත්වූයේ විඩියෝ තාක්ෂණය ඔස්සේය. මේ වනවිට ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 50 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, වයිරස ආසාදිත මරණ ගණන මිලියන 1.2 ඉක්මවා ගොස් ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේ ඒ, චීනයේ කීමට වයිරසයේ සැබෑ බිහිසුණු ස්වරූපය ලෝක සෞඛ්‍ය සංවිධානය වසං කළ බවටත්, ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවටත් පෙන්වා දෙමිනි. ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වී සිටින ජෝ බයිඩන් පවසා ඇත්තේ යළිත් වරක් ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක් කරන බවය.
ජිනීවාහිදීය (රොයිටර්)

