ප්රචණ්ඩ වැලි කුණාටුවක් බීජීං වසා ගනී

මධ්‍යම මොංගෝලියාවේ සිට හමා ආ ප්රචණ්ඩ වැලි කුණාටුවක්, චීනයේ බීජීං අගනුවර වසා ගත් බව එරට ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.
මොංගෝලියාවේ සිට චීනයට වැලි කුණාටු හමා ඒම, සාමාන්‍යයෙන් සිදුවන නමුත්,
අද (15) බීජීං අගනුවර වසාගත් වැලි කුණාටුව බිහිසුණු යැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.
වැලි කුණාටුවත් සමඟ වාතය අපවිත්‍ර වූ බවත්, දූෂණය වී ඇති බවත් වාර්තා වේ. සුළි කුණාටුව බීජිං අගනුවර දෙසට හමා ආවේ, ගැන්ෂූ, ෂැංසී, හෙබෙයි යන පළාත් හරහාය.
කුණාටුව හමා එන බව චීන කාලගුණ විද්‍යාඥයන් කල් තියා අනතුරු අගවා තිබුණේ, බීජීං වැසියන්ට නිවෙස් තුළ රැඳී සිටින්නැයි උපදෙස් දෙමිනි.
බීජීංහිදීය (රොයිටර්)

