ප්‍රංශ සොල්දාදුවෝ 13 ක් මරුට

අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ සිදුවුණු හෙලිකොප්ටර් අනතුරකින් ප්‍රංශ සොල්දාදුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. අනතුර සිදුවූයේ ප්‍රංශ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් මුහුණට මුහුණ ගැටීමෙනි.
ප්‍රහාරක යානා සොල්දාදුවන් ද සමඟ ඉස්ලාමීය ත්රස්තවාදීන්ට එරෛහිව මෙහෙයුමකට සම්බන්ධ වී සිටිද්දී, මෙම අතනතුර සිදුවුණු බව පැවැසෙයි.
ප්‍රංශ සෝලාදාදුවන් මියයෑම සම්බන්ධ පුවත තමන්ට අසන්න ලැබුණු අවස්ථාවේ තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත.
මාලි රාජ්‍යය අතීතයේ ප්‍රංශ යටත් විජිතයක් විය. නිදහස ලැබීමෙන් පසුවද ඉස්ලාමීය ත්රස්තවාදීන්ගේ තර්ජන හමුවේ මාලි රජයට සහ හමුදාවට ප්‍රංශයේ සහාය හිමිවෙයි.
මේවනවිට ප්‍රංශ සොල්දාදුවෝ 4,500 ක් මාලි, මුරුෂානියා, නයිගර්, බුර්කිනා ෆාසෝ, සහ චැඞ් යන අප්‍රිකා රටවලට ගොස් සිටිති. ඒ, ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ උපදෙස් අනුවය. මාලි රාජ්‍යයේ ප්‍රංශ හමුදා රැඳී සිටින්නේ 2013 වසරේ සිටය. එදා සිට මේ දක්වා මියගිය ප්‍රංශ සොල්දාදුවන් ගණන 38 කි.
බමාකෝහිදීය (රොයිටර්ස්)

