ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය හිමිවන ලකුණු



ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂ නායිකා මෙරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂයට ජය හිමිවනු ඇතැයි පශ්චාත් මැතිවරණ සමීක්ෂණවලින් තහවුරු වී ඇත.

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ එරට පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 ට නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය. මැතිවරණය අදියර දෙකකින් පැවැත්වෙන අතර, පැවැත්වූයේ පළමු අදියරය. දෙවැනි අදියර ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිතය.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, හදිසි මැතිවරණයකට යෑමට තීරණය කර, පාර්ලිමේන්තුව විසුරුවා, මැතිවරණය පැවැත්වූයේ යුරෝපා සංගම් පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය සැලකිල්ලට ගනිමිනි.

ප්‍රංශය යනු යුරෝපා සංගමයේ ප්‍රබලතම සාමාජිකයෙකි. යුරෝපා සංගමයට අයත් රටවල දේශපාලන පක්ෂ සහ ජනතාව ඊට සහභාගී විය. එයින් ජයග්‍රහණය කළේ යුරෝපා රටවල ජාතිකවාදී දේශපාලන කණ්ඩායම්ය.ජනාධිපති මැක්රොන් සහ ඔහුගේ ලිබරල් මෙන්ම මධ්‍යස්ථමතධාරී පක්ෂය පරාජය වූ අතර, ප්‍රංශයේ විපක්ෂය වන ජාතිකවාදී ‘නැෂනල් රැලි‘ පක්ෂය සහ ඔවුන්ට සහාය දක්වන සෙසු පක්ෂවලට ජය හිමිවිය.


RECOMMEND POSTS