ප්‍රංශ නගර නවයකට නිරෝධායන ඇඳිරිය

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීමත් සමග සෞඛ්‍ය උපදෙස් සැලකිල්ලට ගනිමින්, ප්‍රංශයේ නගර නවයකට නිරෝධායන ඇදිරිනීතිය පැනැවීමට පියවර ගන්නා බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ජාතිය අමතමින් පැවැසුවේය.
ඒ අනුව, ඇදිරි නීතිය බල පැවැත්වීම සිදුවනු ඇත්තේ ලබන අනිද්දා (17) උදෑසන 6 සිටය. සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් සති 4 ක් මෙසේ ඇදිරි නීතිය බල පැවැත්වෙනු ඇතැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
අත්‍යාවශ්‍ය රාජකාරියකට හැර වෙන කිසිදු හේතුවකට නිවෙස්වලින් බැහැර නොයන ලෙස ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ග්රෙනෝබ්ල්, ලියොන්, ලිල්, මාසේල්, මොන්ත්පෙලියේ, රුවෙන්, සැන් තියෙැන්, තුලූස් සහ පැරිස් අගනුවර දිස්ත්‍රික්ක කීපයකට මෙසේ ඇදිරි නීතිය පැනවෙනු ඇතැයි ප්‍රංශ ජනාධිපතිවරයා ජාතිය අමතමින් වැඩි දුරටත් කියා සිටියේය.
ඇදිරි නීතිය උල්ලංගනය කරමින්, සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින්, වීදි බසින වැසියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවත්, ඔවුන්ට එරෙහිව යූරෝ 135 ක දඩ මුදලක් අය කර ගන්නා බවත් ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
පැරිසියේදීය (ඒ.එෆ්.පී.)

