ප්‍රංශ ජනපති සමාව ඉල්ලුවොත් ආධාර ගන්නවා

ප්‍රංශ ජනාධිපති තමාගෙන් සමාව ඉල්ලන්නේ නම් පමණක්, ‘ජී7’ ලෝක නායකයන්, ඇමසන් වැසි වනාන්තරයේ පැතිර යන ළැව් ගිනි නිවා දැමීමට ලබා දීමට සූදානම් වන ඇමෙරිකන් ඩොලර් මිලියන 22.2 ක ආධාර මුදල බාර ගන්නා බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පවසා ඇත.
‘ජී7’ යනු ලොව ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුවය. ජී7 කණ්ඩායමට අයත් වන්නේ ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, ඉතාලිය කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යයයි.
ඉකුත් සති අන්තයේ ‘ජී7’ සමුළුව ප්‍රංශයේ පැවැත්වෙද්දී, ඇමසන් වැසි වනාන්තරයේ පැතිරෙන ළැව් ගිනි ලෝක නායකයන්ගේ ප්‍රධාන මාර්තෘකාව විය.
පරිසරහිතකාමියකු ලෙස සැලකෙන ප්‍රංශ ජනපති මැදිහත් වී, ‘ජී7’ නායකයන් කැමැති කර ගත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 22.2 මුදල් ආධාර පැකේජයක් ඇමසන් ළැව් ගිනි නිවා දැමීමට බ්‍රසීල රජයට ලබා දීමටය.
පෘථිවියේ ජීව නාළිය වන ඇමසන් වනාන්තරය ලතින් ඇමෙරිකා රටවල් කීපයක් පුරා පැතිරී පවතී. ඒ අතරින් සියයට 60 ක ප්‍රමාණයක් අයත් වන්නේ බ්රසීලයටය. ළැව් ගිනි පැතිර යන්නේ බ්‍රසීලයට අයත් ඇමසන් වනාන්තර ප්රදේශයේය.
ඇමසන් ළැව් ගිනි පැතිර යන්නේ, බ්‍රසීල ජනාධිපති බ්‍රසීල ආර්ථිකය නැංවීමේ අරමුණ ඇතිව, සමාගම් රැසකට හිතුමතේ ගස් කපා දමමින් ඇමසන් වැසි වාන්තරය එළිපහෙළි කිරීමට, ගිනි තැබීමට අවසර දී ඇති නිසා යැයි ප්‍රංශ ජනපති මැක්රොන් චෝදනා කර ඇත. මැක්රොන් බ්‍රසීල ජනපති බොල්සරානෝ ‘බොරුකාරයකු’ බව ද ජනපති මැක්රොන් පවසා ඇත.
මේ හේතුව නිසා ප්‍රංශ ජනපති මැක්රොන් සහ බ්‍රසීල ජනපති බොල්සරානෝ අතරේ ගැටුමක් පවතී දෙදෙනා එකිනෙකාට පෞද්ගලික මට්ටමින් ද අපහාස කර ගනී. ජනපති බොල්සරානෝගේ ආධාරකරුවකු ප්‍රංශ ජනපති මැක්රොන්ගේ බිරිඳ අවලස්සන යැයි ෆේස්බුක් හරහා කළ ප්‍රකාශයකට, ජනපති බොල්සරානෝ උඩගෙඩි දී ඇත.
‘ජී7’ ලෝක නායකයන්ගේ ආදාර පැකේජය ප්‍රතික්ෂේප කරමින් බ්‍රසීල ජනපති බොල්සරානෝ වැඩිදුරටත් පවසා ඇත්තේ, ප්‍රංශ ජනපති මැක්රොන්, බ්‍රසීලය යටත් විජිත කොලනියක් සේ සලකා කටයුතු කරන බවය. බ්‍රසීලය යටත් විජිත කොලනියක් නොවන බව ද බ්‍රසීල ජනපතිවරයා ප්‍රංශ ජනපතිවරයාට පවසා ඇත.
තමන්ට කළ අපහාස සම්බන්ධයෙන් ප්‍රංශ ජනපති මැක්රොන් සමාව ඉල්ලිය යුතු බවත්, එසේ සමාව ඉල්ලීමක් කොළාත් තමන් ප්‍රංශ ජනපති මැක්රොන් සමඟ සාකච්ඡා පැවැත්වීම සිදු කරන බවත්, ඉන්පසු ‘ජී7’ මුදල් පැකේජය ලබා ගන්නවාද නැද්ද තමන් තීරණය කරන බවත් ජනපති බොල්සරානෝ පවසා තිබේ.
සාඕ පාවුලෝහිදීය (රොයිටර්ස්)

