ප්‍රංශ ජනපති මැක්රොන් රුසියන් ජනපති සාකච්ඡා



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙනි.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ මේ අයුරින් සාකච්ඡාවක් පැවැත්වූයේ 2022 වසරෙන් පසු වීම ද විශේෂත්වයකි. රුසියන් යුක්රේන යුද්ධයට කඩිනම් විසඳුමක් සෙවීම මෙම සාකච්ඡාවේ අරමුණ විය. 

යුක්රේනයේ ස්වෙවරීත්වය වෙනුවෙන් ප්‍රංශය සෑම විටම පෙනී සිටින බවත්, රුසියන් හමුදා ආක්‍රමණය හමුවේ ප්‍රංශය දිගටම යුක්රේනයට සහාය දෙන බවත් මැක්රොන්, රුසියන් ජනාධිපති පුටින් හමුවේ පැහැදිලි කළේය.
එමෙන්ම රුසියාව සහ යුක්රේනය අතරේ කඩිනමින් සටන් විරාමයක් ඇති කර ගැනීමත්, පසුව ස්ථිර සාම වැඩපිළිවෙළකට යා යුතු බවත් ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, පුටින් එය අනුමත කළේය.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලන බැවිනි. නේටෝ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. නේටෝව බටහිර රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.

මේ අතර, ඉරාන අර්බුදය සම්බන්ධයෙන් ද රුසියන් ජනාධිපති පුටින් සහ ප්‍රංශ ජනාධිපති මැක්රොන් අතරේ සාකච්ඡා පැවැත්විණි. එහිදී පුටින්, මැක්රොන්ට පැහැදිලි කළේ සාමකාමී න්‍යෂ්ටික වැඩසටහනක් පවත්වාගෙන යෑමට ඉරානයට අයිතිය ඇති බවය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සඳහා සහාය ලබා දෙන්නේ රුසියාවය.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS