ප්‍රංශයේ වැඩ වර්ජන දිගටම

විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහිව ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍රකොට ගනිමින් වැඩ වර්ජන අ පැවැත්වෙයි. පොලිස් නිලධාරීන් පවා වැඩ වර්ජනයට එක් වී සිටින බව වාර්තා වේ.
විශ්‍රාම යන වයස් සීමාව ඉහළ දැමීමත්, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමටත් රජය ගත් තීරණයට එරෙහිව විරෝධතා සහ වැඩ වර්ජනවල නියැලෙන ගණන ලක්ෂ 8 කට ආසන්නය.
වැඩ වර්ජන හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා මුළුමණින්ම අඩපණ වී ඇති බව ප්‍රංශ පුවත් සේවා වාර්තා කර තිබේ.
(රොයිටර්ස්)

