පරාජය බාර ගන්න ට්‍රම්ප් සූදානම් නෑ

පරාජය බාර ගැනීමට තමන් කිසිසේත් සූදානම් නැති බවත්, ප්‍රතිවාදී ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් සහ ඔහුගේ මාධ්‍ය සගයන් එක්වී, ඇමෙරිකානුවන් නොමඟ යවමින්, බොරු ජයග්‍රහණයක් පෙන්නුම් කළ බවත් රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කරයි.
ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදුවුණු බව පෙන්වා දෙමින්, ඡන්ද ප්‍රතිඵලවලට එරෙහිව නීතිමගින් කටයුතු කිරීම ට්‍රම්ප්ගේ නීතීඥ කණ්ඩායම විසින් මේ වනවිටත් ආරම්භ කරනු ලැබ ඇත.
ජෝ බයිඩන්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ යැයි, මැතිවරණ බලධාරීන් නිල වශයෙන් නිවේදනය කළේ බයිඩන් ඉලෙක්ට්‍රෝරල් ඡන්ද 270 සීමාව පසු කළ අවස්ථාවේදීය. ට්‍රම්ප්ට හිමිවී ඇත්තේ ඉලෙක්ට්‍රෝරල් ඡන්ද 214 ක් පමණි. එසේ ප්‍රතිඵල නිකුත් වී, බයිඩන් ජයග්‍රාහකයකු යැයි තීරණය කරද්දී, ට්‍රම්ප් සිය ගොල්ෆ් ක්‍රීඩා පිටියේ ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියේය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

