පරාජය බාරගනී

මාලදිවයින ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුණු බවත්, ප්රජාතන්ත්රවාදී පක්ෂය ඇතුළු විපක්ෂ සන්ධානයට ජයග්රහණය හිමිවුණු බවත්, පරාජය බාරගනිමින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ප්රකාශයක් කර ඇත.
‘මාලදිවයින වැසියන් තීන්දුවක් ගත්තා. මම ඒ තීන්දුවට හිසනමනවා. මැතිවරණ ප්රතිඵල බාර ගන්නවා. ජයග්රහණය කළ සොලීත්ට මම සුබ පතනවා’ යැයි ජනාධිපති යමීන් ජාතිය අමතමින් කියා සිටියේය.
ජනාධිපතිවරණයට විපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ මොහොමද් සොලීත්ය. ඒ අනුව, වසර ගණනාවක් පුරා දේශපාලන අර්බුදවලින් බැටකෑ මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇත්තේ ප්රජාතන්ත්රවාදී පක්ෂය මෙහෙයවූ සොලීත්ය.
(අල් ජසීරා)

