පබුක් තායිලන්තය කලඹයි

පබුක් යන නමින් නම් කළ ප්රචණ්ඩ සුළි කුණාටුව දකුණු දිග තායිලන්තයට කඩා වැදුණි.
දශක තුනකට පසු දකුණු තායිලන්තයේ වෙරළ තීරයට කඩා වැදුණු ප්රචණ්ඩ සුළි කුණාටුව මෙය යැයි කාළගුණ විද්‍යා බලධාරීහු පෙන්වා දෙති.
මහ වැසි සහ තද සුළං හේතුවෙන් ගස් කඩා වැටී ඇති බවත්, පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවත් පැවැසෙයි.
හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය.
(රොයිටර්ස්)

