පකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු මරන්න හැදු එමිරේට්ස් සිසුවා අධිකරණයට



පකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු ඝාතයන කිරීමට උත්සහ කිරීමේ වරදට එමිරේට්ස් සිසුවෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ජි.ඩි.එන්. ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

වයස අවුරුදු විස්සක් වන තරුණයා විසින් එල්ල කරනලද කඩු  ප්‍රහාරයන් හේතුවෙන් එක් පකිස්තතාන ජාතිකයෙකුගේ උගුර ප්‍රෙද්ශයට හානි සිදුව ඇත.

අනිත් පකිස්තාන ජාතිකයාට එල්ල කරලන ලද කඩු ප්‍රහරය ඔහු විසින් වැලැක්වීමට උත්සහ ගැනීමේදි ඇගිල්ලක කොටසක් වෙන්වී ඇති බව වාර්තා වේ.

සියළු සාක්ෂි ගොනු කිරීමෙන් අනතතුරුව එමිරේටිස් අපරාධ අධිකරණය මගින් සිසුවාට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නියමිතය.


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන්.ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS