පකිස්තානුවෙක් සාජාහිදී පිහියා ඇනුමකින් මරුට



(සාජා)

තමාගේ පියාට පිහියෙන් ඇන මරණය සිදු  කළ 36 හැවිරිදි පාකිස්තානු ජාතිකයකු සාර්ජා පෙලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මරණයට පත්වූ පුද්ගලයාට අයත් කල්බාහි පිහිටි නිවසේදි ඊයේ මෙම අපරාධය සිදුවිය. සැකකරු තදබල තුවාල සිදුකරමින් තම පියාට පිහියෙන් ඇන ඇත. පවුලේ සාමාජිකයන් විසින් තුවාල ලත් පුද්ගලයා කල්බා රෝහලට ඇතුළත් කර ඇතත් බරපතළ තුවාල හේතුවෙන් පැය කිහිපයකදී ඔහු මරණයට පත්වී ඇත.

තෙරතුරැ ලැබුණු වහාම අපරාධ විමර්ශන දෙපාරත්මේන්තුවේ නිලධාරින් රෝහලට ගොස් වාර්තා ලබාගෙන ඇත.  පුද්ගලයා මිය ගියේ පපුවට සිදුවූ තුවාල හේතුවෙන් බව අනාවරණය විය.

ඉන්පසුව පොලිස් නිලධාරින් අපරාධය සිදුවූ සථානයට ගොස් පරීක්ෂණ පවත්වා ඇත. මරණයට පත්වූ පුද්ගලය පවුල් ප්‍රශනයක් මත සිය පුත්‍රයා සමග ආරාවුලක් ඇතිකර ගෙන ඇත. එහිදී පුත්‍රයා සිය පියාගේ පපුවට  පිහයෙන් ඇන පලා ගොස් ඇත.

පොලිසිය ඉක්මනින්ම සැකකරැ සොයා මෙහෙයුමක් දියත්කර ඇති අතර පැයකටත් අඩු කාලයක් තුළදී සැකකරු අත් අඩංගුවට ගැනීමට සමත්වුහ.


RECOMMEND POSTS