නේපාල ගුවන් අනතුරින් 18 ක් මරුට



නේපාලයේ කන්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට සූදානම් වූ මගී ගුවන් යානායක් ලිස්සා ගොස් අනතුරට පත්විය. අනතුරට පත් ගුවන් යානය, ගිනිගෙන පිපිරී විනාශ විය. ගුවන් යානායේ 18 දෙනකු සිටි අතර බරපතල ලෙස තුවාල ලබා දිවි ගලවා ගත්තේ යානයේ නියමුවා පමණි.

යානය ‘සෞර්යා’ ගුවන් සේවයට අයත් එකක් වන අතර එය අනතුරට පත්වූයේ අත්හදා බැලීමේ ගමනට සූදානම් වෙද්දීය. යානයේ සිට මියගිය වැඩි දෙනා ගුවන් සමාගමේ ඉන්ජින්රුවන් සහ තාක්ෂණ ශිල්පීන් බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS