නේපාලයේ මැතිවරණය අද

‘ජෙන් සී’ තරුණ විරෝධතා ඔඩුදුවා, පසුගිය සැප්තැම්බර්යේ සිදුවුණු ආණ්ඩු පෙරැළියෙන් පසු නේපාලයේ පළමු මහ මැතිවරණය අද (5) පැවැත්වෙයි.
මැතිවරණයට සියලු කටයුතු සූදානම් බවත් ඡන්ද පොළවලට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බවත් නේපාල මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණය සාමකාමීව මෙන්ම සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා එක්වන ලෙස එරට දේශපාලන නායකයන් නේපාල වැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
නේපාල පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්රී මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණය පැවැත්වෙයි.
මෙම මැතිවරණයට නවක ඡන්දදායකයන් ලක්ෂ 8ක් ඇතුළුව සමස්තයක් ලෙස මිලියන 19කට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා සිටිති.
මේ අතර මැතිවරණ ප්රචණ්ඩ ක්රියාවල නියැලුණු 133 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 70 දෙනකු තවමත් රඳවාගෙන ප්රශ්න කරන බව පොලිසිය පවසා ඇත.

