නේපාලයේ බස් රථ අනතුරින් 14 ක් මරුට



නේපාලයේ වන්දනාකරුවන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් මීටර් 100 ක් ගැඹුරු ප්‍රපාතයකට පෙරැළී යෑමෙන් එහි ගමන් කරමින් සිටි 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 18 කි.

ඩොලාකා දිස්ත්‍රික්කයේ, කලින්චෝක් සිහ භක්තපූර් දක්වා ගමන් කරන්න වූ බස් රියක් මෙසේ අනතුරට ලක් විය. අනතුර සිදුවුණු ස්ථානයේදී 12 දෙනකු මියගිය බවත් ඉතිරි දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවත් පොලිසිය පවසයි. මියගිය 14 දෙනා අතර කුඩා දරුවෝ තිදෙනෙක් ද වෙති.

බස් රිය ගමන් කරන්න වූ මාර්ගය අලුත්වැඩියා කරමින් තිබුණු බවත්, රියදුරුට බස් රිය පාලනය කර ගැනීමට නොහැකි වූ හෙයින් එය  මාර්ගයෙන් පිට පැන ප්‍රපාතයට විසිවුණු බවත් පැවැසෙයි.

කත්මණ්ඩුහිදීය (එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS