නේපාලයේ ආසාදිතයන් 1,000 පනී



නේපාලයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන මේ වනවිට 10,000 පසු කර ඇති අතර, නේපාල සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එරටින් වාර්තා වන ආසාදිතයන්ගෙන් සියයට 90 ක් ඉන්දියාවෙන් පැමිණි අය බවය.

‘කොවිඩ් 19‘ හෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට නේපාලයේ දිස්ත්‍රික්ක 77 ක් පුරා පැතිර ගොස් ඇත. ගතවුණු පැය 24 ඇතුළත නේපාලයෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 421 කි. එම 421 දෙනාගෙන් 64 දෙනකු කාන්තාවන් බවත් 357 දෙනකු පිරිමින් බවත් පැවැසෙයි. නේපාලයෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ මරණ ගණන 23 කි.

කත්මණ්ඩුහිදීය (රොයිටර්)


RECOMMEND POSTS