නේපාලයට මහ වැසි 28 ක් මරුට: 600 කට තුවාල



නේපාලය හරහා ප්‍රචණ්ඩ වැහි කුණාටුවක් හමා ගිය බවත් එයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. තුවාල ලැබූ ගණන 600 කට වැඩිය.

වැහි කුණාටුවෙන් දරුණු හානි සිදුවී ඇත්තේ බාරා සහ ඒ අසග පිහිටි පර්සා දිස්ත්‍රික්කවලටය. බාරා දිස්ත්‍රික්කය ඇත්තේ කත්මණ්ඩු අගනුවර සිට කිලෝ මීටර් 128 ක් දුරිනි.

කඳුකරයේ පිහිටි ගම්මාන කීපයක් නායයෑමට හසුවුණු බව ද පැවැසෙයි. එහෙයින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. සහන සේවා කටයුතු සඳහා හමුදාව යොදවීමට නේපාල රජය කටයුතු කර ඇති බව ද වාර්තා වේ. නිවාස රැසකට හානි සිදුවී ඇති බවත්, ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇති බවත් වාර්තා වේ. ඊට අමතරව දහස් ගණනකට විදුලි බලය නොමැති බව ද පැවැසෙයි.

කත්මණ්ඩු නුවරදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS