නීත්‍යාණුකූල ඡන්ද අනුව මමයි ජයග්‍රාහකයා

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී, නිකුත් වූ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ජනපද කීපයක ඡන්දය ගණන් කිරීමට එරෙහිව නීති මගින් කටයුතු කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (6) යළිත් වරක් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, නීත්‍යාණුකූල ඡන්ද අනුව ජයග්‍රාහකයා තමන් බවය.
‘නීත්‍යාණුකූලව ගණන් කළ ඡන්ද අනුව මා ජයග්‍රහණය කළ බව පැහැදිලියි. සැකයක් නැහැ. කෙසේ නමුත් නීත්‍යාණුකූල නොවන ඡන්දවලින් ප්‍රතිවාදීන් මගේ ජයග්‍රහණය උදු රා ගන්න සැරසෙනවා. දැක සහිත ප්‍රමාද වී ආ ඡන්ද රැසක් තිබෙනවා. ඒවා ගැන මා අවධානයෙන් පසුවෙනවා. වංචාවක් සිදුවීමට ඉඩක් තිබෙන බව පැහැදිලියි. ෆ්ලොරීඩා, අයෝවා, ඉන්දියානා, ඔහියෝ මා ජයග්‍රහණය කළා සැකයක් නැහැ. අනාවැකි කීවේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් පහසු ජයක් හිමිකර ගනීවි කියලයි. ඒත් එහෙම වුණේ නැහැ. ඇතැම් මාධ්‍ය සහ ඇතැම් ප්‍රබලයන් උත්සහ ගන්නවා මගේ ජයග්‍රහණය වළක්වන්න’
(රොයිටර්)

