නිවාස 250 ක් විනාශයි



ඕස්ටේ‍්‍රලියාවේ පහළ කෙළවර පිහිටි වික්ටෝරියා ප‍්‍රාන්තයේ, මැලකූටා වෙරළාශි‍්‍රත නගරයට ළැව් ගිනි පැතිර යෑමත් සමඟ නිවාස 250 කට වැඩි ප‍්‍රමාණයක් විනාශ වී ඇති බවත්, දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් වාර්තා වේ.

මැලකූටා නගරයට ළැව් ගිනි පැතිරෙන්න වූයේ පසුගිය 31 ය. ළැව් ගිනි හේතුවෙන් බියට පත් වුණු නගරයේ වැසියෝ 4,000 කට වැඩි පිරිසක් වෙරළ තීරයට එක් රොක් වූහ.

ළැව් ගිනි හේතුවෙන් මැලකූටා නගරයට ඉහළින් අහස තද රතු පැහැයෙන් වරණවත් බිය. නගර වැසයන් බොහෝ දෙනකු එයින් තැති ගත් බව ද වාර්තා විය.

ළැව් ගිනි දුමාරය හේතුවෙන් කුඩා දරුවන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන් කිහිප දෙනකු රෝගී වූ බවත් ඔවුන්ට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දුන් බවත් වාර්තා විය. වෙරළ තීරයට කොටුවුණු පිරිස් සඳහා වෛද්‍ය ආධාර ලබා දීම සහ ආහාර ලබා දීම  ඕස්ටේ‍්‍රලියා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් සිදුවන බව වික්ටෝරියා ප‍්‍රාන්ත බලධාරීහු පැවැසූහ. 

ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කළේ විපතට පත්වූවන්ට සහාය දීමට හමුදා සොල්දාදුවන් 4,000 ක පිරිසක් යොදවා ඇති බව ද වාර්තා වේ.

මැලකූටා (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS