නිව්යෝක් ටයිම්ස් පුවත්පතට නඩු දානවා - ට්‍ර්ම්ප්



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට ප්‍රධාන පෙළේ පුවත්පතක් වන, ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට නඩු පැවරීමට සූදානම් වෙයි. ඒ, එම පුවත්පත දශක ගණනාවක් තිස්සේ තමන් පිළිබඳ පළ කළේ යැයි චෝදනා නගමිණි.

‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත රැඩිකල් වාමාංශික ඩිමොක්‍රටික් පක්ෂයේ හඬ බවට පත් වී ඇතැයි ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් චෝදනා කර ඇත. ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී පක්ෂය වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි.

ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කර ඇත්තේ, ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පසුගිය දශක ගණනාව තිස්සේ තමන් ගැන බොරු පුවත් පළ කරමින් තමන්ට අපහාස කළ බවත්, ඇමෙරිකානුවන් තුළත් ලෝ වැසියන් තුළත් කමන් ගැන වැරදි ප්‍රතිරූපයක් ඇති කිරීමට උත්සාහ කළ බවත්ය.

‘අප රටේ වඩාත් පරිහානියට පත් වූ පුවත්පත්වලින් එකක් විදියට ’නිව්යෝක් ටයිම්ස්’ හැදින්විය හැකිය. තමන්ට අපහාස වන ආකාරයේ පුවත් පළ කිරීම සම්බන්ධයෙන් මා නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් ඩොලර් බිලියන 15ක වන්දි මුදලක් ඉල්ලා නඩු පැවරීසට කටයුතු කරනවා’ යැයි ජනාධිපති ට්‍රම්ප් සිය එක්ස් ගිණුම ඔස්සේ පවසා ඇත.


RECOMMEND POSTS