නැන්සි පෙලෝසි යුක්රේනයේ

ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇතුළු යුක්රේන රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් හමුවූවාය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකාවගේ මෙම යුක්රේන සංචාරයේ අරමුණ, රුසියන් යුක්රේන අර්බුදයේ දී, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය යුක්රේනයට නොඅඩුව ලබා දෙන බව පෙන්වා දීමය.
‘යුක්රේනයේ ස්වෛරීත්වය වෙනුවෙන් සහ නිදහස වෙනුවෙන් ඔබ ගෙන යන සටන අප අගය කරනවා. සටන් අවසන් වෙනකල් ඔබට ශක්තියක් වෙමින් අප ඔබ සමඟ සිටිනවා’ යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවෙමින් පෙලෝසි පවසා තිබේ.
පෙලෝසිගේ මෙම යුක්රේන සංචාරය සිදුවූයේ පෙර දැනුම් දීමකින් තොරය. ඊට හේතුව ඇගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුවීමය.
යුක්රේන සංචාරය අවසන් කර පෝලන්තයට පැමිණීමෙන් පසු පෙලෝසි මාධ්‍ය හමුවක් පැවැත්වූවාය. පෝලන්තය නේටෝ සාමාජික රටක් වන අතර යුක්රේනයේ අසල්වැසියෙකි.
රුසියාවේ කුරිරු ප්‍රහාර හමුවේ, යුක්රේනයට ඇති තරම් සහාය දීමට ඇමෙරිකාව බලාපොරොත්තු වන බවත්, ජයග්රහණයෙන් පසු යුක්රේනය යළි ගොඩනැගීමට ඇමෙරිකාවේ සහාය හිමිවනු ඇති බවත් පෙලෝසි එම මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.
(රොයිටර්)

