නළ ළිං කුහරයේ සිරවුණු දරුවා මියයයි

දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුකට්ටුපට්ටි පළාතේ ත්‍රිචි ප්‍රදේශයේ නළ ළිඳක කුහරයකට වැටී සිරවී සිටි දෙහැවිරිදි සුර්ජිත් විල්සන් දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් අසාර්ථක වූ අතර දරුවා අද (29) උදෑසන මියගිය බව වාර්තා විය.
සුර්ජිත්ගේ අවසන් කටයුතු අද දහවල් සිදුවිය. පසුගිය 25 වැනිදා නළ ළිං කුහරයට වැටුණු දරුවා මීටර් 10 ක් (අඩි 30) ගැඹුරේ සිරවී සිටි අතර, ඔහු බේරා ගැනීමට දරුවාගේ මාපියන්, ගම්වාසීන් සහ ඉන්දීය හදිසි ආපදා ප්‍රතිචාර ඒකකයේ සහන සේවකයෝ මහත් පරිශ්‍රමයක් දැරූහ. කෙසේ නමුත් එම උත්සාහය සාර්ථක නොවිණි. වර්ෂාව ද ඔවුන්ට හරස් විය.
ඊයේ (28) වනවිට දරුවා මීටර් 180 ක් ගැඹුරට ලිස්සා ගොස් සිර වී සිටින බවත්, මඩ තට්ටුවලින් ඔහු මේ වනවිට වැසී ඇති බැවින් ඔහුගේ තත්ත්වය නිශ්චිතව පැවැසිය නොහැකි බවත් සහන සේවකයෝ පවසා තිබුණාහ.
චෙන්නායි (ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)

