නව වයිරසය සර්ස්ට වඩා දරුණුයි



චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නගරයෙන් ආරම්භ වූ මාරක කොරෝනා වයිරසයට බිලිවුණු සංඛ්‍යාව අද (29) වනවිට 132 දක්වා ඉහළ ගියේය. රෝගීවූවන්ගේ සංඛ්‍යාව 5,974 ක් යැයි චීන සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ඊයේ (28) වාර්තා වූයේ මරණ 106 ක් සිදුවුණු බවය. ගතවුණු පැය 24 ක් ඇතුළත 26 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, නව රෝගීන් 1,459 දෙනකු ගැණුනු බවත් චීන සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.

චීනයෙන් ආරම්භ වී, චීනය පුරාවටත්, ලෝකයේ රටවල් 15 ක් පුරාවටත් පැතිර යන නව කොරෝනා වයිරසය, 2002-2003 කාලයේ ලොව කැලැඹූ ‘සර්ස්’ වයිරසට වඩා බිහිසුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර ඇත.

‘සර්ස්’ ද කොරෝනා වයිරසයකි. ‘සර්ස්’ මිනිසුන්ට ආසාදනය වීමට පටන් ගත්තේ කැළෑ බළලුන්ගෙනි. කොරෝනා යනු සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී, ඉන්පසු මනුෂ්‍යයන් අතරේ පැතිරෙන වයිරසයකි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS